එක්කහු සමාලෝචන යනු ඔබ ස්ථාපනය කර භාවිතා කරන ලද එක්කහු පිළිබඳව ඔබගේ අදහස් බෙදා ගැනීමට ක්රමවේදයකි. මෙම මාර්ගෝපදේශවලට අනුකූල නොවන ඕනෑම සමාලෝචනයක් ප්‍රතික්ෂේප හෝ ඉවත් කිරීමට අපගේ සමාලෝචන මධ්‍යස්ථතා කණ්ඩායමට අයිතිය ඇත.
හරවත් සමාලෝචනයක් ලිවීමට ඉඟි
කරන්න:
- එක්කහුව ගැන ඔබගේ අත්දැකීම යහළුවෙකුට පවසන ආකාරයට ලියන්න.
- සමාලෝචන සංක්ෂිප්තව හා නිවැරදි සිංහලෙන් තබන්න.
- ප්‍රයෝජනවත් විස්තර දෙන්න. නිදසුනක් වශයෙන්:
- ඔබ අපේක්ෂිත පරිදි එක්කහුව වැඩ කළා ද?
- ඔබ කැමති හෝ අකැමති විශේෂාංග මොනවාද?
- එය ප්‍රයෝජනවත්ද?
- එය භාවිතයට පහසුද?
- ඔබ මෙම එක්කහුව දිගටම භාවිතා කරනවාද?
- යොමු කිරීමට පෙර ඔබගේ සමාලෝචනයෙහි ව්‍යාකරණ දෝෂ ඇත්දැයි මොහොතක් බලන්න.
එපා:
- "නියමයි!", "පුදුමාකාරයි" හෝ "නරකයි" වැනි තනි වචනයක සමාලෝචන යොමු කිරීම.
- තාක්ෂණික ගැටළු, සහාය ඉල්ලීම් හෝ විශේෂාංග යෝජනා පළ කිරීම. අදාළ එක්කහුව සඳහා පවතින සහාය විකල්ප භාවිතා කරන්න. තිබේ නම්, ඔබට ඒවා එක්කහු විස්තර පිටුවේ පැති තීරුවෙහි "තව තොරතුරු" කොටස යටතේ හමු වනු ඇත.
- ඔබ පෞද්ගලිකව භාවිතා නොකළ එක්කහු සඳහා සමාලෝචන ලිවීම.
- ද්වේෂ සහගත බව, ලිංගික භාෂාව, හෝ අපහාසාත්මක අසභ්‍ය වචන භාවිතා කිරීම.
- HTML, සබැඳි, මූලාශ්‍ර කේත හෝ කේත කොටස් ඇතුළත් කිරීම. සමාලෝචනයක පෙළ පමණක් අඩංගු විය යුතුය.
- අසත්‍ය දෑ ප්‍රකාශ කිරීම, එක්කහු කතුවරුන් අවමානයට ලක් කිරීම හෝ ඔවුන්ට පෞද්ගලිකව අපහාස කිරීම.
- ඔබගේ හෝ අන් අයෙකුගේ වි-තැපෑල, දු.ක. අංකය හෝ වෙනත් පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම.
- ඔබ හෝ ඔබගේ සංවිධානය ලියන ලද හෝ නියෝජනය වන එක්කහුවක් සඳහා සමාලෝචන පළ කිරීම.
- එක්කහුවක් සෘජුව සිදු කිරීමට අදහස් කරන දෙයක් පිළිබඳව විවේචනය කිරීම. නිදසුනක් ලෙස, ක්‍රියාත්මක වීමට දත්ත රැස් කිරීම, දැන්වීම් ප්‍රදර්ශනය සඳහා දත්ත රැස් කිරීම යනාදිය එක්කහුවෙහි අපේක්ෂිත අරමුණ වීම නිසා සෘණාත්මක සමාලෝචනයක් තැබීම.
සමාලෝචන ගැන නිතර අසන ප්‍රශ්න
ගැටළු සහගත සමාලෝචනයක් වාර්තා කරන්නේ කෙසේද?
Please report or flag any questionable reviews by clicking the "Report this review" and it will be submitted to the site for moderation. Our moderation team will use the Review Guidelines to evaluate whether or not to delete the review or restore it back to the site.
මම එක්කහු කතුවරයෙක්, මට සමාලෝචන සඳහා පිළිතුරු දීමට හැකිද?
ඔව්, එක්කහු කතුවරුන්ට සමාලෝචන සඳහා තනි ප්‍රතිචාරයක් පළ කිරීමට හැකිය. අතිරේක සාකච්ඡා හෝ පසු විපරම් අරමුණු උදෙසා අපගේ සංසදයෙහි සාකච්ඡා මාතෘකාවක් සකස් තර සිංහල සහ අනෙකුත් භාෂාවලින් සන්නිවේදනය කිරීමට හැකිය.
මම එක්කහු කතුවරයෙක්, මට අහිතකර සමාලෝචන හෝ ඇගැයුම් මකා දැමීමට හැකිද?
සාමාන්‍යයෙන්, බැහැ. නමුත් ඉහත දක්වා තිබෙන සමාලෝචන මාර්ගෝපදේශ සපුරා නැති නම්, "මෙම සමාලෝචනය වාර්තා කරන්න" එබීමෙන් සංශෝධනයට ලක් කිරීමට හැකිය. ඔබගේ එක්කහුවෙහි නව නිකුතු සඳහා තවදුරටත් වලංගු නොවන පැමිණිල්ලක සමාලෝචනයක් ඇත්නම්, අපට එම සමාලෝචනය මකා දැමීම යෝග්‍ය දැයි සලකා බැලීමට හැකිය.